පොලිස් නිලධාරියෙකුගේ ගෙල රැදි රන් මාලය ත්‍රී රෝද රථ රියදුරකු කඩාගෙන පලායයි..!

Sri Lanka Police Kandy Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Jul 07, 2022 10:28 AM GMT
Report

මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකුට පහරදී ඔහු ගෙල බැඳ සිටි රත්රන් මාලයක් කඩාගෙන පලා ගොස් ඇත.

මෙම,පළාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කඩුගන්නාව පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වමින් සිටියි. 

 මෙසේ පැහැරගෙන ගොස් ඇති මාලය රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා බවත් සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකු බවත් පොලීසිය කියා සිටියි.

පොලිස් සැරයන්වරයා තම බිරිඳ සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එම ගමනට අදාළ ගාස්තුව සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් පසු ත්‍රිරෝද රථ රියදුරා පොලිස් නිලධාරියාට පහර දී ඔහුගේ රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now