ගස්කොළන්වලින් බහුල ප්‍රදේශ සහ Covid මරණ අතර සම්බන්ධතාවය හෙළිවෙයි.

covid19 Trees Anvar Hamdani Deepal sun Light
By Sewvandhi Jan 29, 2022 06:33 AM GMT
Report

ගස්කොළන් සුලබ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ කළ සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත.

එවැනි පරිසර පද්ධති ආශ්‍රිතව ඔක්සිජන් සැපයුම ඉතා හොඳින් සිදුවන හෙයින් එම තත්වය ඊට ප්‍රමුඛව සහ ප්‍රබලවම හේතුවන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ විශ්වාසය පළ කරති.

කොවිඩ් රෝගය වැළඳුණු බොහෝ දෙනකුට ඔක්සිජන් අවශ්‍ය කෙරෙන අතර එවැනි රෝගීන් බොහෝ දෙනකු පසුගිය කාලයේදී මියගියේද ඔක්සිජන් හිඟතාව පදනම් කරගෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔමික්‍රෝන් පැතිරීමත් සමග කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් පමණද ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 8 කින් පමණද ඉහළ ගොස් ඇති බව කොවිඩ් සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අතර එළිමහන් ස්ථානවලට( සංවෘත ) සාපේක්ෂව දොර ජනෙල් වැසුණු කාමර, උත්සවශාලා වැනි ස්ථානවලින් කොවිඩ් වයිරසය වේගයෙන් පැතිරෙන බවට සොයා ගෙන ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය

විශේෂයෙන්ම වායු සමීකරණය සහිත ස්ථානවලින් කොවිඩ් පැතිරීම වේගයෙන්ම සිදුවිය හැකි බවත් හිරු එළිය හොඳින් පතිත වන ස්ථානවල කොවිඩ් ඇතිවීම සියයට 50කින් පමණ අඩුවන්නේ යැයි පෙනී ගොස් ඇති බවත් හෙතෙම වැඩදුරටත් පෙන්වා දුන්නේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now