පොදු ප්‍රවාහනය සදහා පෙර ගෙවුම් කාඩ් පතක් - මගීන්ට ලැබෙන නවතම අවස්ථාව මෙන්න..
Sri Lanka
Transport Fares In Sri Lanka
Department of Railways
By Sewvandhi
ප්‍රවාහන අමාත්‍යංශය විසින්, පොදු ප්‍රවාහන සේවාවන් සදහා ගෙවීම් සිදුකළ හැකි පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමවේදය නව මුහුණුවරකින් යළි හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් තබා ඇත.
වැඩිදුරටත් වාර්තා වන්නේ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව එය දිවයින පුරා භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවය.
පළමු අදියර යටතේ බස් රථ සේවාවන් සඳහා එම පෙරගෙවුම් කාඩ්පත හඳුන්වා දීමට නියමිත අතර පසුව එය දුම්රිය සේවා සඳහා ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
රාජ්‍ය බැංකු හරහා මෙම පෙරගෙවුම් කාඩ්පත මහජනතාවට ලබාගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |