හෙට දිනයේ ප්‍රවාහන පහසුකම් ගැන විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Department of Railways
By Sewvandhi Apr 16, 2023 01:51 PM GMT
Report

ජාතික ගමනාගමන කොමිසම සදහන් කළේ, සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට (17) දිනයේ ක්‍රියාත්මක බවයි. 

කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, අද (16) දිනයේ ද ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගත් බවයි.

 එමෙන්ම, අද දිනයේ දුම්රිය ගමන්වාර 30ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නිවාඩු ලබා ගිය දුම්රිය රියදුරන් පිරිසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කිරීමට සිදුවු බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

 අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් මගී ජනතාවට විශාල බලපෑමක් සිදුනොවු බවය.

"අපේ දෛනික කාලසටහනේ, දුරගමන් සේවා අඩු කිරීමකින් තොරවම ඒ කාලසටහන පරිදි ධාවනයට එක්කළා. ඊට අමතරව විශේෂ දුම්රිය ගමන් සේවා අවශ්‍යතාවයන් පදනම්ව අපි මාර්ගවලට සැලසුම් කළා. මේ අවස්ථාවේ මගී ජනතාවගෙන් අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. පුළුවන් තරම් දුම්රියේ අනවශ්‍ය තැන්වල එල්ලිලා ගමන් කිරීමෙන් වළකින්න. දුම්රියට ගොඩවුණාට පස්සේ අනෙක් අයට අවස්ථාව දෙන්න දුම්රිය ඇතුළටම ගමන් කරලා සේවා පහසුකම් ලබාගන්න."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now