ගම්බිම් බලා යන ජනතාවට පොදු ප්‍රවාහන සේවය ගැන විශේෂ දැනුම් දැනුම් දීමක්..!
ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ගමන්වාර බස්රථ කිහිපයක්ම සූදානම් කර ඇති බවයි.
අද (15) සිට දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ, දුරගමන් සේවා සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන බවය.
එමෙන්ම, අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් වෙත යාම සඳහා කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසුම අසල අද පෙරවරුවේ දැඩි රථවාහව තදබදයක් පැවතුණි.
එමෙන්ම අද පෙරවරුවේ පොදු ප්‍රවාහනයේ යම් අඩුවක් දක්නට ලැබුණි. ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,
"අද බස් ධාවනය වෙන්නේ 25% වගේ ප්‍රමාණයක. හෙට 50%ක වගේ බස් ප්‍රමාණයක් ධාවනය වෙයි. ඒ අනුව ගම්බිම් බලාගිය ජනතාවට ඉක්මනටම කොළඹ එන්න පුළුවන් වෙයි." දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා, "
අද සිට පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. හෙට උදෑසන බදුල්ල සහ ගාල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය දෙකක් සහ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රියකුත් ධාවනය කෙරෙනවා."
මෙම උත්සව සමයේ රථවාහන අනතුරුවල වැඩිවීමක් දක්නට ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |