උත්සව සමයේ අලුත් වන ප්‍රවාහන පහසුකම්..

Sri Lanka
By Sithumi Apr 06, 2023 02:49 PM GMT
Report

අද(6) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ, එළඹෙන උත්සවය සමය වෙනුවෙන් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බවයි.

අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ, හෙට සිට 18 වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා බස් රථ 7000ක් යොදවා ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා, 

 "එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංගම සහ අනෙකුත් පෞද්ගලික බස්රථ විශේෂ වැඩපිළිවෙලක් අපි යොදවා තියෙනවා. විශේෂයෙන්ම එය හෙට දිනයේ සිට 18 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. හෙට දිනයේ සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් රථ ධාවනය සිදුවෙනවා විශේෂ වැඩපිළිවෙල යටතේ. 15 වනදා සිට 18 වනදා දක්වා පිට පළාත්වල සිට කොළඹ බලා ගමන්කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මකවනවා.

මේ වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ 7000ක් පමණ ධාවනයට එකතු කරනවා. ඊට අමතරව බස් රථ 300ක පමණක පෞද්ගලික බස් රථ ඇණියක් අපි සූදානම් කරලා තියෙනවා හදිසි අවස්ථාවක යොදවන්න. ඒ අනුව බැස්ටියන් මාවතේ සිට බස් රථ 3000ක පමණ පෞද්ගලික බස් රථ ප්‍රමාණයකුත් ශ්‍රී ලංගම බස් රථ 4000ක පමණ ප්‍රමාණයකුත් මේ සඳහා එක්කරනවා.

මේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ජංගම පරීක්ෂකවරු යොදවලා තියෙනවා. මගීන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශවවල සහාය ඉල්ලා තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත තුළ වෙළෙඳ කලාපවල සිට සිය ගම්බිම් බලා යාමට විශේෂ බස් රථ සේවයක් යොදවා තියෙනවා."

"මෙම කාලසීමාවේදී බස් රථවල ජංගම වෙළෙඳාම තහනම් කරලා තියෙනවා. මේ අතර ගුණසිංහපුර සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත යාචකයින් ඇතුළුවීම නවතා තිබෙනවා. විශේෂයෙන්ම බස් රථවල කාර්යමණ්ඩලයට උපදෙස් දී තියෙනවා ජංගම වෙළෙඳාම බස් රථවල සිදුනොකිරීමට."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now