පොලිස් ප්‍රධානීන් 05ක් සදහා ස්ථාන මාරුවීම්..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 29, 2023 09:42 AM GMT
Report

පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ප්‍රධානීන් පස් දෙනෙකු සදහා ස්ථාන මාරු වීම් ලබා දී  ඇත.

ඒ වයඹ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා, පුත්තලම ජ්‍යේෂඨ පොලිස් අධිකාරිවරයා සහ ආනමඩුව පොලිස් අධිකාරිවරයා මෙන්ම ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා සදහා ය.

ඊයේ (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මෙම මාරුවීම් ලබා දී ඇත්තේ.

ඒ සඳහා පොලිස් කොමිසමේ ද අනුමැතිය හිමිවී ඇති අතර පසුගිය 22 වැනිදා නවගත්තේගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුට ආනමඩුව - ආලම්කුලම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් පිරිසක් පහරදීමේ සිද්ධිය සමතයකට පත් නොකිරීමට අදාළව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join