වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලද ගුරුවරුන් සේවයෙන් නිදහස් කරන්න.

Ministry of Education Sri Lanka Sri Lankan Schools
By Wayomi May 13, 2023 11:43 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට ක්‍රියාත්මක වන ගුරු මාරුවීම් වැඩසටහන ක්‍රියාවට නංවන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියළුම පාසල් පරිපාලනයට දැනුම් දී තිබෙනවා.

 2022 වාර්ෂික සහ දස අවුරුදු ස්ථාන මාරුවීම් යටතේ නිකුත් කර ඇති ස්ථාන මාරුවීම් නියෝගවලට අනුව ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් සේවයෙන් නිදහස් කර නොමැති බවත්, ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන්ට සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබා දී නොමැති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා.

ඒ, අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරු මාරුවීම් වැඩසටහන ක්‍රියාවට නංවන්න ලෙස දැනුම්දෙමින් පසුගිය 11 වෙනිදා සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත ලිපියක් නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම ඉහත විධිවිධාන සකස් කිරීමෙන් පසු දින තුනක් ඇතුළත එම තොරතුරු තමා වෙත වාර්තා කරන ලෙස ලේකම්වරයා සියලුම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW