ව්‍යවසායකයෙකු හඳුනාගත හැකි ගති ලක්ෂණ.
ව්‍යවසායකත්වය කියන්නේ පරිසරයේ ඇති ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලිත්වය තුළින් නවෝත්පාදන බිහි කිරීමේ ක්‍රියාවලියකි. අදහස් ක්‍රියාකාරිත්වයට පරිවර්තනය කිරීම පිණිස සැලසුම් කිරීම හා නිවැරදි තීරණ ගැනීම ඔස්සේ ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම සඳහා සැලකිය යුතු වෙනසක් සිදු කරන්නේ ව්යවසායකයයි. ඔහු විසින් ව්‍යාපාර අදහසක් සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් සපයාගෙන එය නව භාණ්ඩ හා සේවා, නව ක්‍රියාවලි හා නව ව්‍යාපාර උත්පාදනය කළ යුතුයි.
මොනවද මේ නිෂ්පාදන සාධක
- භූමිය
නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලූ ම ස්වාභාවික සම්පත් භූමිය ලෙස හඳුන්වනවා.
- ශ්‍රමය
නිෂ්පාදනය සඳහා භාවිත කෙරන කායික හෝ මානසික ශක්තියයි.
- ප්රාග්ධනය
නිෂ්පාදනය සඳහා භාවිත කෙරන කායික හෝ මානසික ශක්තිය.
- ව්‍යවසායකත්වය
ව්‍යවසායකයා අවශ්‍ය වෙන්නේ මෙම සාධක අවශ්‍ය පරිදි සංකලනය කර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කිරීමටයි.
ව්‍යවසායකත්ව ගති ලක්ෂණ
1. නිර්මාණශීලිත්වය
නිර්මාණශීලිත්වය කියන්නේ ඔබේ සැලසුමේ ගැටලු සහ අවස්ථා දෙස බලා ඒවාට විසඳුම් ලෙස නව අදහස් සංවර්ධනය කිරීමට හෝ නව මාර්ග සොයා ගැනීමට ඇති හැකියාවයි.
නිර්මාණශීලිත්වයට ඇති විය හැකි බාධා.
+ විශ්වාස සහ ආකල්ප කෙරෙහි තදබල ලෙස ඇලිගැලී සිටීම.
+ යම් ගැටලුවකට එක විසඳුමක් පමණක් ඇති බව සිතීම.
+ විසඳුම් මඟින් ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කිරීම.
+ ප්‍රායෝගික වීමට බාධා ඇති බව සිතා කටයුතු කිරීම.
+ වැරදීම් හා විවේචන වලට බිය වීම
+ රීති හා සම්ප්රදාය ගැන අවබෝධයක් නැතිකම.
+ තර්කානුකූල පදනමක් නැතිව කටයුතු කිරීම.
නමුත් හැම බාධාවක්ම, ගැටළුවක්ම ඉදිරියේ අධෛර්යවත් නොවී ඒවා අභියෝගයක් කරගත්තොත් සාර්ථකත්වයට යන මඟ පැහැදිලියි.
2. නවෝත්පාදනය
ස්වභාවයෙන් නිර්මාණය වූ දේවල් අප පරිහරණය කරන අනෙකුත් සෑම භාණ්ඩයක් හෝ සේවාවක්ම යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක හෝ නවෝත්පාදනයක්.
නවෝත්පාදන සිදුවන ආකාර
- නව සොයා ගැනීමක් ( පෙර නොතිබූ නව භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ක්‍රියාවලියක් හෝ බිහි කිරීම.)
- පවතින භාණ්ඩයක හෝ සේවාවක හෝ ක්‍රියාවලියක හෝ නව භාවිතයක් ඇති කිරීම.
- පවතින සංකල්පයකට සමානව නිපද වූ නිර්මාණාත්මක නව නිපැයුමක් බිහි කිරීම.
- පවතින සංකල්ප හෝ සාධකවල නව සංයෝගයක් හෝ මිශ්‍රණයක් භාවිත කර නව නිපැයුම් කිරීම
3. අවදානම් භාර ගැනීම
- සාමාන්‍යයෙන් ව්‍යවසායකයා නවෝත්පාදනයේ යෙදෙන යෙදෙද්දී එහි අවදානමක් තියෙනවා. ඒ, නව නිපැයුම වෙළෙඳපොළේ සාර්ථක හෝ අසාර්ථක විමට ඇති හැකියාව. ව්‍යාපාරයක් ආරම්භ කරන විට කොහොමත් මෙවැනි අවදානමක් තියෙනවා.
- අවිනිශ්චිතතාව පිළිබඳව තක්සේරුවකින් තොරව ඉහළ ප්රතිලාභ අපේක්ෂාවෙන් අධික අවදානමක් දැරීමට ව්‍යවසායකයා කැමති නැහැ. නමුත් කිසිදු අවදානමක් නොදරා ලැබෙන අඩු ප්‍රතිලාභයෙන් පමණක් ව්‍යවසායකයන් සෑහීමකට පත්වන්නේ නැති අතර ඔවුන් අවදානම පිළිබඳ හොඳ ඇගයීමක් කර තමන්ට දැරිය හැකි අවදානමක් පමණක් භාර ගන්නවා.
4. අනාගත දැක්ම
අනාගත දැක්ම කියන්නේ අනාගතයේ දී සැබෑ කර ගැනීමට වෙර දරන සිහිනය. ඔහුගේ දැක්ම, තමාගේ හෝ තම ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය තුළින් වෙනසක් සමාජය තුළ ඇති කිරීමයි.
5. පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනාගෙන ඊට විසඳුම සොයමින් සාර්ථකව කටයුතු කිරීම.
6. සුභවාදී එහෙමත් නැත්නම් ධනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කිරීම.
7. ස්වකීය සාර්ථකත්වය තමා අනුව තීරණය වන බවට ඇති විශ්වාසය
8. අසීරු අරමුණු ඉටු කර ගැනීමට නැඹුරු වීම සහ උනන්දු වීම.
9. ස්වාධීනත්වය. ව්‍යවසායකයන් ස්වයං පාලනයකින් යුක්තයි.
10. නම්‍යශීලිත්වය. මෙහෙදී නම්‍යශීලිත්වය කියන්නේ පරිසරයේ වෙනස්වීම්වලට උචිත වන පරිදි අනුගත වී ඊට අනුකූලව තම ගමන් මඟ හැඩගස්වා ගැනීම.
11. ආත්ම විශ්වාසය
12. නිතරව පැරණි සහ නව තොරතුරු සොයා බැලීම
13. කැපවීම
14. දැඩි ආශාව
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |