දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කෙරේ..?

Sri Lanka Sri Lanka Railways Train Strike Train Crowd
By Sewvandhi Jul 08, 2022 08:37 AM GMT
Report

ජූලි 11 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු වැඩි කෙරෙන අතර තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව රු. 20/ වන බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ. ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට එමඟින් යෝජනා කර ඇති අතර, දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් දහය, විස්ස දක්වාද ඉහළ දැමීමට නියමිත බව වාර්තාවනවා.

මේ අතර මෙරට ලියාපදිංචි ඒක පුද්ගල ව්‍යාපාර සහ සමාගම් සඳහා ඩොලර්වලින් මුදල් ගෙවීමේ පදනම මත ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචි කිරීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අපනයන ක්‍රියාවලියේ නිරත වන බවට සනාථ කිරීමෙන් ඉන්ධන ලීටර් 6600 ක අවම ඇණවුමක් ලබාගත හැකි බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

මේ යටතේ ලබාගත හැක්කේ ලංකා ඔටෝ ඩීසල්, භූමිතෙල් සහ දැවි තෙල් පමණක් වන අතර, ලීටර් 6600 ක තොග දෙකක් සඳහා ගෙවීම් සිදුකළ යුතු වනවා. එහිදී එක් තොගයක් පළමු මාසයේ දී ලබාදෙන අතර, ඉදිරි මාසයක කාලය තුළ දෙවන තොගයත් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.

මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ ඛණිජ තෙල් සංස්ථාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ලබා දෙන මිල ගණන් සාධාරණ නොවන බවයි.

ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටද මේ වනවිට කටයුතු කර ඇති බව ඔහු කියා සිටියා. මේ අතර, ශ්‍රී ලංගම සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු නොකළහොත් අද (08) දහවල් දොලහේ සිට සේවයෙන් ඉවත් වන බව ශ්‍රී ලංගම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now