දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් ගත් නවතම තීරණය
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ඒ පැය 48ක වැඩවැරුම අත් හරිමින්. මීට හේතුව වූයේ අද (24) පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් සමග එළඹි තීරණයි.
ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළ පරිදි ඊයේ සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සිදුකළ නොහැකි බවත් ලබන පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ වැඩි කළ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙසේ වෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් දුම්රිය ස්ථානාධිපති සංගමය සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |