දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු වෙයි..!
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ , අද(02) පස්වරු 05 වන විට දුම්රිය ගමන්වාර 18ක් අවලංගු වී ඇති බවයි.
ඊට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන්වාර 02ක් සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ගමන්වාර 04ක් ද ඇතුළත් බවයි එම සංගමය ප්‍රකාශ කළේ. ඊට අමතරව ප්‍රධාන මාර්ගයේ 02, කැලණිවැලි මාර්ගයේ 03, පුත්තලම් මාර්ගයේ 04 සහ මුහුදුබඩ මාර්ගයේ 03ක් ලෙස මගී ප්‍රවාහන දුම්රිය ගමන්වාර 12ක්ද ඊට ඇතුළත්.
මෙසේ දුම්රිය ගමන්වාර අවලංගු වීමට ප්‍රධාන හේතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 500ක් පසුගියදා විශ්‍රාම ගැන්වීම බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ.
ඒ අනුව කඩිනමින් ඊට විසඳුම් අවශ්‍ය බවයි එම සංගමය දිගින් දිගටම ප්‍රකාශ කළේ. එසේම දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකු හෙට(02) දිනයේ පත්වීම් ලබා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |