දුම්රිය ගමන්වාර 44ක් අවලංගු කෙරේ - දුම්රිය ස්ථානාධිපති සංගමය
දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළේ, අද (31)දිනයේ දුම්රිය ගමන් ගමන්වාර 44ක් පමණ අවලංගු වී ඇති බවයි.
එනම්, අදින් පසු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 500කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යන අතර, ඒ අතර දුම්රිය ධාවනයට ඍජුවම සම්බන්ධ විශාල පිරිසක් සිටීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ තවදුරටත් සේවය අවශ්‍ය නම් වයස අවුරුදු 60 ඉක්මවූ සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසටයි.
එහෙත්, ඒ සඳහා නිසි අනුමැතිය ලැබෙනතුරු අදාළ සේවකයන් සේවයට වාර්තා නොකරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කරන්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන් අවශ්‍ය ප්‍රමාණයට සිටියත් ඍජුවම දුම්රිය ධාවන කටයුතුවලට සම්බන්ධ පිරිස් විශ්‍රාම යෑමෙන් ඇතිවන ගැටළු සොයා බලා නිසි පියවර ගන්නා ලෙස ද ඔවුන් දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |