දුම්රිය ගාස්තු සංශෝධනය ගෙන විශේෂ තීරණයක්
Sri Lanka
Sri Lanka Railways
Train Crowd
Department of Railways
By Sewvandhi
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය ගාස්තු සංශෝධනය කල් දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දින නියමයකින් තොරව එම ගාස්තු සංශෝධනය කල් දමන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙතද යොමුකර තිබූ අතර, දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමටයි එමඟින් යෝජනා කර තිබුණේ.
ඒ අනුව දැනට රුපියල් දහයක් වන අවම දුම්රිය ගාස්තුව රුපියල් විස්ස දක්වා ඉහළ දැමීමටයි සැලසුම් කර තිබුණේ. ඊට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පෙරේදා (08) ප්‍රකාශ කළා.
එමෙන්ම, අනෙකුත් ගාස්තු ද ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |