අද දුම්රිය ධාවනයට සිදුවූ දේ මෙන්න.. මගීන් දැඩි අපහසුතාවයට..

Sri Lanka Train Strike
By Aruna Jul 06, 2022 02:12 AM GMT
Report

ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නො හැකි නිසා කාර්යාල දුම්රිය 48න් අද ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 25ක් පමණක් බව වාර්තා වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

ඉකුත් පළමු වැනි දා ද මෙසේ දුම්රිය සේවය සුපුරුදු පරිදි ක්‍රියාත්මක නො වූ අතර, ඒ හේතුවෙන් මඟීන්ට සිදු වුණේ දැඩි අපහසුතාවකට මුහුණ දීමට යි.

එදින ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයන්ට සේවයට වාර්තා කිරීමට නො හැකි වීම මෙම අර්බුදයට හේතුව වන බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now