ප්‍රධාන මාර්ගයක දැඩි රථ වාහන තදබදයක්
Colombo
Kandy
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කැළණිය, දළුගම ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ ප්‍රදේශයේ පිරවුම්හලට දින කිහිපයක සිට ඉන්ධන ලැබී නොමැති බවට චෝදනා කරමින් ජනතාව කලහකාරී ලෙස හැසිරීමත් සමඟයි.
කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර ඉන්ධන ලබා ගැනීමට පවතින පෝලිම් හේතුවෙන් ඉබ්බාගමුව හා මැල්සිරිපුර අතර ප්‍රදේශයේ ද රථ වාහන තදබදයක් හටගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |