වහාම ක්‍රියාත්මක පරිදි හෙට දිනයේ එක් පළාතකට ශෝක දිනයක් ලෙස නම් කෙරේ..!

Sri Lanka Politician Southern Province Latest Headlines
By Sewvandhi Feb 29, 2024 10:52 AM GMT
Report

පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා විසින්, අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව හෙට (1) දිනයේ දකුණු පළාත තුළ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ඉල්ලීමක් ද සිදුකළේය.

මෙරට වැඩිම වාර ගණනක් අයවැය වාර්තා ඉදිරිපත් කළ මුදල් ඇමති ලෙසට ,1977 වර්ෂයේදී දෙවිනුවර ආසනයෙන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ රොනී ද මැල් මහතා මුදල් අමාත්‍ය ධුරය හොබවමින් ඉතිහාසයට එක්විය.

ඒ මහතා මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වාදීම සඳහා පුරෝගාමීව කටයුතු කළ දකුණු පළාතෙන් බිහිවූ කීර්තිමත් දේශපාලනඥයෙකි.

දකුණු පළාතට සුවිශේෂී වටිනාකමක් එක්කරමින් රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමටද රොනීද මැල් මහතා පුරෝගාමීව කටයුතු කළේය.