කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්..

Mahinda Yapa Abeywardena Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Jan 01, 2023 07:48 AM GMT
Report

අද (01) දින, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

එය සූම් තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ එය පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරිම සඳහා පසුගිය 29 වැනිදා පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ අතර 21වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වන අතර ඊට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු පත් කිරීමට නියමිතය.

ඒ සඳහා අයදුම්පත් 120කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත.

අදාළ අයදුම්පත් වලින් සහ සුදුසුකම් සහිත සෙසු පුද්ගලයින් පිළිබඳ අධ්‍යයනකින් අනතුරුව සිවිල් නියෝජිතයින් තිදෙනා තෝරාගැනීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join