අද දවසේ සුභ අසුබ ගෙන දෙන රාශී 12 පෙරනිමිත්ත.

Astrology
By krishani Apr 15, 2023 02:15 AM GMT
Report

🟢මේෂ

ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද දින ඔබට යහපත් ප්‍රථිඵල ගෙන දෙයි.

සාමාන්‍ය හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලට ද භාජනය වුව ද එය ඔබගේ දියුණුව සදහා වන අතර ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ගෙන දෙයි.

දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට අද ලැබෙන අතර වස්තුව සහ සැප සම්පත් ලැබෙයි.

අද දින ඔබට සෑම අතින්ම වාසනාවන්ත දිනයක් වෙයි. ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි.සතුරන් ඇතිවීමට ඉඩ ඇත.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචර වන අතර චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.

අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. 


🟢වෘෂභ

අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම හේතුවෙන් ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.

විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වන අතර ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන්ට ද ඉතා සුභයි.

ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුව පෑදේ. ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ.නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරන අතර ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇති වේ.


🟢මිථුන

සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය එතරම් යහපත් නොවන බැවින් අද දවසේ ඔබෙගේ සිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය.

ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතු ය.අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ තිබේ.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වන අතර චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.ව්‍යාපාරවලින් දියුණු වන අතර කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ගෙන දෙයි.

සතුරන් ඇතිවීමට ඉඩ ඇති අතර ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි.


🟢කටක

ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ඉතාම ශුභයි.විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකි ය.

ව්‍යාපාර කොටස් කරුවන් සමග ද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වන අතර චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.

ව්‍යාපාරවලින් දියුණු වන අතර කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ගෙන දෙයි.


🟢සිංහ

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද අන්‍යයන් ඇසුරු කිරීමේ දී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න.

කෑමට ප්‍රිය වන අතර තෙල් බැදුම් අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසු ය.

ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වන අතර චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි. ව්‍යාපාරවලින් දියුණු වන අතර කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇති වේ.


🟢කන්‍යා

ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වේ.

තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකි ය.ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වන අතර චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.

අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරන අතර ව්‍යාපාරවලින් දියුණු වේ.


🟢තුලා

සඳු ලග්නයෙන් හතර වැන්නේ ගෝචරය වන අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි.

ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වන අතර ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වන අතර චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.


🟢වෘෂ්චික

ලග්නයෙන් තුන් වැන්නේ ගෝචර වන වන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි.

තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී.තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ලැබෙයි.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ.චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.

කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇති වන අතර ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි.සතුරන් ඇතිවීමට ඉඩ ඇත.


🟢ධනු

අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වන අතර එය ඉතාම ශුභයි.

දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගන්නා අතර මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ.

පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේ දී ඔබට අවස්ථාව ලැබෙයි.චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ.

චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.


🟢මකර

චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාර ද ඔබට හිමි වේ. උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ඇත.

ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි.යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත.


🟢කුම්භ

අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවේ.සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ.

වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වන අතර අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්වල නියුතු අයගේ සිත සුවපත් වේ.

එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.


🟢මීන

අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අතර එය ඉතාම ශුභයි.

ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසක් වන අතර සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි.

තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද ලැබන අතර ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකි ය.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වන අතර චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. ව්‍යාපාරවලින් දියුණු වන අතර කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇති වේ.

කෙසේවෙතත්, ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි. සතුරන් ඇතිවීමට ඉඩ ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%