"අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න.." - ඇමති ටිරාන්ට ආ තර්ජනය. (VIDEO)

Sri Lanka Politician Tiran Alles Sri Lanka Sri Lankan political crisis
By krishani May 22, 2023 06:05 AM GMT
Report

තමන්ගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බව බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ ය.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ,

"මට බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා.නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්නනේ.දැන් මම මෙතැන ඉන්නකල් මත්ද්‍රව්‍ය අල්ලන එක පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ.ඒ හින්දා එහෙම තියෙයි.අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න.එහෙම තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ.එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ.."  යනුවෙන් ය.

දර්ශන අයිතිය - Ada Derana


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join