නගරාධිපති වාහනේ රෝද හතරේම හුළං යවයි..!
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කර තිබෙන පුවතක් වාර්තා වෙනවා.
මහරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම නගර සභාවේ සේවය කළ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැබ් රථය නගරාධිපතිවරයා මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලයේ නවතා තිබියදී අලාභානිය සිදු කර ඇති අතර කැබ් රථයේ රෝද හතරෙම හුළං බැස ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු නගරාධිපතිවරයා සමග පවතින මතභේදාත්මක තත්ත්වයක් මුල්කරගෙන එම සිද්ධිය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |