පාසල් ළමුන් ගේ ප්‍රවාහනය සම්බන්ධව තීරණයක් ගන්න යයි..ගාස්තු වැඩි කරයි..

Ministry of Education Bandula Gunawardane Sri Lanka Politician Education Department of Motor Vehicles
By Aruna May 30, 2023 03:43 AM GMT
Report

පාසල් ළමුන් සඳහා දැනට ක්‍රියාත්මක කරන 7%ක වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව 30%ක් දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව අනාවරණය වනවා.

සිසු සැරිය බස්රථවල ආදායම එම බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන නිසා පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට සිදුව ඇති බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

එසේ වුවද මහජනාධාර ලබන ඉතා දිළිඳු පවුල්වල දරුවන්ට කිසිඳු අය කිරීමකින් තොරව නොමිලේ වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමටද ක්‍රියා කරමින් සිටින බවයි ඇමැතිවරයා සඳහන් කළේ.

"පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍රවල වටිනාකමෙන් 93% ක් රජය විසින් දරමින් මේ දක්වා කටයුතු කර තිබෙනවා.

නමුත් පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ආණ්ඩුවේ දායකත්වය 70%ක් දක්වා අඩු කරන්නට සිදුව තිබෙනවා.

අපි විශ්වාස කරනවා තම දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍රයට 30%ක වියදමක් ඒ දරුවන්ගේ දෙමාපියන්ට දරන්න පුළුවන් කියලා’’ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now