ත්‍රීරෝධ රථ ගාස්තු පහල දැමීම සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka
By Aruna May 01, 2023 04:57 AM GMT
Report

ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

රුපියල් 07ක් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ත්‍රීරෝධ රථ ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නොවන බවයි, එහි සභාපති ලලිත් ධර්මසේන මහතා අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"මේ රුපියල් 07 අඩු කිරීම නිසා සහනයක් නෙමෙයි අසහනයක් ඇතිවුණේ.

ධනපතියාට එයාගේ බර අඩුකරනවා. අපිට සල්ලි දීලවත් අවශ්‍ය තරම් පෙට්‍රල් ප්‍රමාණය දෙන්නේ නැහැ. ඒ නිසා ඔය රුපියල් 07 අඩු නොකරාට කමක් නැහැ.

විශේෂයෙන් හයර් දුවන ත්‍රීරෝද රථ රියදුරාට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දෙන්න කියලා ආණ්ඩුව කියන්න.

මොනම හේතුවක් නිසාවත් ගාස්තුව අඩු කරන්නේ නැහැ."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now