පුද්ගලයින් තිදෙනෙකු DNA සහිත විශ්මිත දරු උපතක්..

United States of America
By Sithumi May 13, 2023 12:54 PM GMT
Report

 පළමු වරට එක්සත් රාජධානියේ දී පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් දරුවෙකුට උපත ලබාදී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම දරු උපත සඳහා DNAවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බවයි.

"mitochondrial disorder" නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව වාර්තා වෙයි. මයිටොකොන්ඩ්‍රියා යනු ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදු කරනවා.

කෙසේවෙතත් දෝෂ සහිත මයිටොකොන්ඩ්‍රියා හේතුවෙන් සිරුරට ශක්තිය ලබාදීම අපොහොසත් කරවන අතර එමගින් මොළයට හානිවීම, මාංශ පේෂි ක්ෂයවීම, හෘදයාබාධ හා අන්ධභාවයට හේතුවීමෙන් දරුවන් මියයෑමට හේතු වෙයි.

මයිටොකොන්ඩ්‍රියා රෝග සුව කළ නොහැකි අතර උපතින් දින කිහිපයක් තුළ හෝ පැය කිහිපයක් ඇතුළත මාරාන්තික විය හැකි අතර එය සම්ප්‍රේෂණය වන්නේ මවගෙන් පමණි.

මෙම පරිත්‍යාගශීලි DNA ඵලදායි මයිටොකොන්ඩ්‍රියා සෑදීම සඳහා පමණක් අදාළ වන අතර, එය පෙනුම වැනි ලක්ෂණවලට බලපෑමක් සිදුනොකරන බැවින් තෙවන පාර්ශවය "මව්පියෙකු" බවට පත්වීමක් සිදුනොවන බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now