රජයේ නව පත්වීම් තුනක්.

Government Of Sri Lanka
By Wayomi Apr 11, 2023 09:50 AM GMT
Report

රජයේ නව පත්වීම් තුනක් සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ , නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ නව තානාපතිවරයෙක් පත්කිරීම සඳහායි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. එස්. සත්‍යානන්දගේ පත්වීම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. එම්. නයීමුඩීන්ගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළ බවයි.

ඊට අමතරව, පිලිපීනයේ ශ්‍රී ලංකා තනාපති ලෙස ආචාර්ය චානක හර්ෂ තල්පහේවා පත්කර යැවීමටද අනුමැතිය හිමිව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW