"ලක්ෂයක් පඩි ගන්න අයත් කන්නෙ බාගෙට"

Sri Lanka Economic Crisis Sri Lanka
By Wayomi Mar 30, 2023 11:05 AM GMT
Report

මෙරට පවුල් අතරින් ලක්ෂ 32 ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පසුවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂණ නිලධාරී ප්‍රසන්න විජේසිරි ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඔහුගේ ආයතනයේ “ගොවියා ගොවිතැන සහ ආහාර සුරක්ෂිතතාවය“මැයෙන් පැවැත්වූ සංවාද මණ්ඩපයකට එක්වෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මසකට රුපියල් අසූ දහසත්,ලක්ෂයත් අතර වැටුප් ලබන සහ කුඩා ව්‍යාපාරවලින් අදායම් ලබන පිරිසගේද ආහාර පාරිභෝජනයද අඩුවී තිබෙන බවයි.

එමෙන්ම මෙරට ගෘහස්ථවල ආහාර අනාරක්ෂිතතාවය සියයට 54 ක් බවත්,රටේ නාගරික,ග්‍රාමීය සහ වතු අංශයේ ආහාර අනාරක්ෂිතතාවය පිළිවෙළින් සියයට 43,53 සහ 67 යන මට්ටම වල පවතින බවත් ඔහු පවසනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW