ආවට ගියාට Laptop එකක් මිලදී ගන්න කලින් මේ ගැනත් හිතන්න.
Laptop එක කියන්නේ දැන් smart phone එක තරමටම ජනප්‍රිය මෙවලමක් වෙලා.ඉතින් මේ කියන්නේ laptop එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම හිතන්න දේවල් ගොඩක් තියෙනවා.
ඔබ ඇයි Laptop එකක් ගන්නේ?
💻 ඒ කියන්නේ laptop එකක් ගන්නේ නිවසේ එදිනෙදා භාවිතයටද, Graphic , Video editing වගේ දේවල් වලටද, එහෙමත් නැත්නම් ඔෆිස් එකේ පාවිච්චි කරන්නද කියන දේ හිතන්න ඕනේ. ඊට අදාළව ගත යුතු laptop එක මොකක්ද කියන එක තීරණය වෙනවා.
හොඳම Brand එක
💻 ලංකාවේ නම් Laptop එක එක brand වලින් ගන්න තියෙනවා.HP, Apple, Dell, Asus, Acer, Toshiba, Sony වගේ ගොඩක් ඒවා දකින්න පුළුවන්.ඒ laptop වල මිලත් එකිනෙකට වෙනස්.තත්වයත් එකිනෙකට වෙනස්. විශේෂයෙන්ම laptop එකක් ගන්නකොට හිතන්න ඕනේ දෙයක් තමයි ලංකාවේ agent කෙනෙක් ඉන්නවාද කියලා බලන එක.
Screen එකේ ප්‍රමාණය
💻 ඒ වගේම මෙතනදී බලන්න ඕනේ laptop එක යන යන තැන අරගෙන යන්න පුළුවන්ද කියලා.ඔයාට එහෙම අරගෙන යන්න ඕනේ නම් ලොකු screen එකක් තියෙන laptop නම් ගන්න එපා.මෙතනදී ඔයාට ගැලපෙන්නේ අඟල් 13 - 14 අතර ප්‍රමාණයේ laptop එකක්. Game ගහන්න වගේ නම් අඟල් 15 - 17 අතර ප්‍රමාණයේ laptop එකක් තමයි ගැලපෙන්නේ.
RAM එක
💻 Laptop එකේ RAM කියන්නේ අනිවාර්යය අංගයක්.එතනදී 4GB සහ 32GB විදිහට තමයි ගොඩක් Laptop එන්නේ.ඒ වගේම 8GB - 32GB විදිහටත් Laptop එනවා.ඒ වගේ laptop එකක් ගන්න එක තමයි නුවණට හුරු.
Processor ප්‍රමාණය
💻 Processor මඟින් තමයි Laptop එකේ වේගය සහ ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ.ගෙදර භාවිතයට ගන්නවා නම් Core i3, Core i5 Processor ඇති.හැබැයි වැඩි වේගයක් හා ක්‍රියාකාරීත්වයක් සඳහා Core i 7, Core i 9 Processor ගොඩක් හොඳයි.
Graphic memory
💻 සාමාන්‍යයෙන් Laptop එකේ Onboard graphic Memory තමයි එන්නේ.මේක සාමාන්‍ය වැඩ වලට නම් ඇති.හැබැයි ටිකක් වැඩියෙන් Video memory එක ඕන වෙන දේවල් කරනව නම් dedicated vga එකක් තමයි වඩාත් සුදුසු. ඒ නිසා Dedicated 256 MB - 4GB වගේ තියෙන Laptop එකක් ගන්න.
බැටරි - කාලය
💻 සාමාන්‍යයෙන් නිවසින් පිට වැඩි වෙලාවක් laptop එක භාවිතා කරනවා නම් වැඩි වෙලාවක් Batteries තියෙන laptop එකක් ගන්න.පැය 2 - 4 අතර තමයි ගොඩක් තියෙන්නේ.හැබැයි පැය 10 - 16 දක්වා කාලයක් තියෙන ලැප්ටොප් අද වෙළඳපොළේ තියෙනවා.
වගකීම
💻 මේක තමයි වැදගත්ම දේ.ඒ තමයි වගකීම.දැන් ගොඩක් අහන්න තියෙන්නේ වගකීම් කාලය වසර 02ක් කියලා.හැබැයි සමහර ඒවායේ වසර 2ක වගකීම් කාලයක් තියෙනවා.ඒ කොහොම වුණත් Laptop එකේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක හදාගන්න සමාගම උදව් කරන්නේ කොහොමද කියලත් හොයලා බලන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |