තිළිණි ප්‍රියමාලි අධිකරණයට..
Sri Lanka
Thilini Priyamali
By krishani
රක්ෂිත බන්ධනාගාරගතව සිට පසු ඇප නියම වූ තිළිණි ප්‍රියමාලි අද (27) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ නඩු 08ක් සඳහා ඇප කොන්දේසිවලට අත්සන් කරනු ලැබුවා ය.
පසුගිය දා රුපියල් 50,000 බැගින් ශරීර ඇප 08ක්, රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 20ක් ඇයගේ මව, පියා, ස්වාමි පුරුෂයා ඇතුළු පිරිසක් විසින් ඇප තැන්පත් කරනු ලැබුවේ ය.
ඒ අනුව අද දින ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇප කොන්දේසි අත්සන් කරනු ලැබු අතර පසුගිය කාලසීමාවේ දී ඇයට එරෙහිව අධිකරණයේ නඩු විභාගයට ගත් අවස්ථාවේ දී ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටියත් අද දින බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ පැමිණ ඇප අත්සන් කර ඇත.
කෙසේවෙතත් ඉන්පසු ඇය යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |