කෙහෙළිය උසාවි ගෙනා වාහනය ගැනත් CID පරීක්ෂණයක්.
CID - Sri Lanka Police
Keheliya Rambukwella
By Wayomi
රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගත් වෑන් රථය සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. '
ඒ, එය බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහණය කිරීමට යොදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණීල්ලක් සම්බන්දයෙන්.
ළමුන් හැර රැඳවියන් ප්‍රවාහණය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබු කොන්දේසියද උල්ලංගණය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.