එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අරගලයට අතපොවයි. ( Twitter පණිවිඩය සහිතයි)

Sri Lanka Army Sri Lanka Police United Nations Sri Lankan protests President of Sri lanka
By Wayomi Jul 22, 2022 07:36 AM GMT
Report

ගාලුමුවදොර මහජන විරෝධතාවට ඊයේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Hanaa Singer-Hamdy විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඇය Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන්ට විරෝධතා පිළිබඳව සොයා බැලීමට අයිතිය ඇති බවත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ලනොකළ යුතු බවත්ය.

ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිත කිරීම සම්බන්ධයෙන් එම සංවිධානය දැඩි අවධානයකින් පසුවන බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW


Gallery