සන්ධානයක් බෙදෙයි..
Sri Lanka Politician
Sri Lanka
Sri Lankan political crisis
By krishani
ඉදිරි පළාත් පාලන මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වෙන් වෙන්ව තරඟ කරන බව එහි ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පවසයි.
ඊයේ (07) දින එහි මධ්‍යම කාරක සභාව මඩකලපුවේ දී රැස්වූ අතර එහිදි අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා ඒ බව කියා සිටියේ ය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ වන්නේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සංවිධානය සහ ප්ලොට් සංවිධානය වේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ දින එක් දේශපාලන පක්ෂයක් වව්නියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකට ඇප මුදල් තැන්පත් කර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලට ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |