ශ්‍රී ලංකාව තවත් විලිලැජ්ජා නැති වාර්තාවකට උරුමකම් කියයි.

Sri Lanka Cricket
By Wayomi Jan 13, 2023 09:35 AM GMT
Report

නවතම වාර්තාවන්ට අනුව එක්දින තරගවලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඒ අනුව එක්දින තරග 880කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන් තරග 437ක් පරාජයට පත්ව ඇත.

එක්දින තරග වලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සීයයට 47.74ක් ලෙසයි සටහන් වන්නේ.

1990 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟවල පාලනය සිය අතට ගැනීමට සමත්වූ කණ්ඩායමක් ලෙසයි වාර්තා පොත් අතරට එක්ව සිටියේ.

එක්දින තරග වලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ දෙවන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව සිටින අතර ඔවුන් ක්‍රීඩා කළ තරග 1022 කින් පරාජයට පත්වී ඇති තරග සංඛ්‍යාව 436ක්.

එමෙන්ම ඕස්ට්‍රේලියාවට පසුව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති රට ලෙස දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ජයග්‍රහණය කර ඇති එක්දින තරග සංඛ්‍යාව 534ක්.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW