මුහුදු රළට ගසාගෙන ගිය රුසියන් දරුවා බේරා ගනී..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Feb 08, 2023 03:52 PM GMT
Report

පොලිස් ජීවිත ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු හික්කඩුව නාරිගම මුහුදේ දිය නෑ රුසියානු ජාතික කාන්තාවකගේ නව හැවිරිදි පිරිමි දරුවා රළ පහරකට හසුව ගසාගෙන යද්දී එම දරුවා නිරුපද්‍රිතව මුදා ගත් බව පොලිස් නාවික කොට්ඨාස සහ සංචාරක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පොන්සේකා මහතා සදහන් කරනවා. 

 නාරිගම පොලිස් සංචාරක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් කරුණාරත්න 81212 සහ පොලිස් කොස්තාපල් හුලංගමුව 87306 යන මහත්වරුන් විසිනි.

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි මෙම රුසියන් ජාතික කාන්තාව ඇයගේ හත් හැවිරිදි පිරිමි දරුවා ද සමඟ අද දහවල් නාරිගම මුහුදේ නාමින් සිටින අතරවාරයේ එම දරුවා රළ පහරකට හසුවී ගසාගෙන යද්දී මව ආධාර ඉල්ලා කෑ ගසා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති ජගත් පොන්සේකා මහතා වැඩිදුරටත් කීය.

මේ අවස්ථාවේ මුහුදු වෙරළේ රාජකාරියේ නිරතව සිටි මෙම ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක වී මුහුදට පැන පිහිනා ගොස් ගසා ගෙන යමින් සිටි දරුවා බේරාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

තම දරුවා ගේ ජීවිතය බේරා දීම ගැන රුසියානු ජාතික කාන්තාව මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට ප්‍රශංසා කර ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now