රබර් පාලන පනත සංශෝධනය කෙරේ...

Parliament of Sri Lanka Sri Lanka Cabinet
By Gagana Feb 27, 2024 10:31 AM GMT
Report

රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙලෙස 2022.6.6 දිනැති  අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 1956 අංක 11 දරණ රබර් පාලන පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සදහා නීතිපති අවසරයද ලැබී ඇති බවට සදහන්.

මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.