ඔබත් සල් කියා මෙයට රැවටුණාද..? ඔබ නොදත් සල් ගසේ ඇත්ත කතාව මෙන්න...
අප ලොව්තුරා තතාගතයාණන් වහන්සේ පිරිනිවන පත්ව 2022 වනවිට බු.ව 2565 කි. නමුත් අදටත් අප දකිනා වැරදි දෙයක් ඇත. මිනිසුන් සියල්ල කියු පමනින් විශ්වාස කරන කොට්ඨාසයකි. මම අද මේ කියන්න යන්නේ අප සියල්ලන්ම දන්න සල් ගස ගැන. අප සල්ගස යනුවෙන් සිතා සිටිනුයේ සිදුහත් කුමරු බිහිවු විට එකල පැවති එදා මහමායා දේවිය අත්තකින් අල්ලූ සල් ගසමද..? ඔබත් සිතා සිටින්නේ එසේම නම් මෙම ලිපිය කියවන්න.
හිමාලය කඳු වැටි පාමුල ක්‍රි.පූ. 6 වැනි සියවස සුද්ධෝදන රජතුමාගේ කපිල වස්තු රාජධානියේ අගනුවර වූ දැනට ලුම්බිණිය සිට උතුරට කිලෝමීටර් 26 ක් පමණ දුරින් පිහිටි දැනට නිලඋරාකොට් යන නාමයෙන් හඳුන්වන කපිල වස්තු ජනරජයේ අගනුවර විය. සිදුහත් කුමරු පිලිසිදගත් පසු මහමායා දේවියට මව්පියන් දැකගැනීමේ ආශාව ඇතිවි දෙමාපියන් දැකීමට යන අතර මග සල් උයනක මදක් විවේක සුවයෙන් සිටිමට දේවිය එම උයනෙන් බැස ඇති බව අප සියලු දෙනාම දන්නා ප්‍රසිද්ධ දෙයකි.
මෙම සල් උයන අලංකාර සල් ගසින් යුතු ගව් ගණන් දුර ගෙවා යන්නෙකුට විවේක සුවය ලැබීමට සුදුසු වූ මනරම් උද්‍යානයක් වූවේය. අප සිදුහත් කුමරු එම සල් උයනේදි උපත ලද බවයි. අප සාහිත්‍යයේ හා ධර්මයේ සදහන් වන්නේ ද එසේයි.
අපි දැනට සල් කියලා හඳුන්වන ගසේ වසර පුරාම මල් පිපෙනවා. මේ ගහට වාරයක් අවාරයක් කියලා කාලයක් නැහැ. නමුත් මහා පරිනිබ්බාන සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ සල් මල් පිපුණේ අවාරයට කියලා. ඒ වගේම සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය ගැන කියන තැන් වලදී සඳහන් වෙන්නේ මහමායා දේවිය ලුම්බිණි සල් උයනට ගියාම අවාරයේ මල් පිපුණු සල් ගහක් දැකලා ඒ සල් අත්ත අල්ල ගන්න හිත් පහල වුනා කියලා. එහෙම නම් අපිට පැහැදිලි වෙන දේ තමයි වර්තමානයේ අපි සල් කියලා භාවිතා කරන ශාකය සහ ත්‍රිපිටකය තුළ සල් කියලා හඳුන්වන ශාකය අතර යම් වෙනසක් තියෙනවා කියන කාරණය.
ඒ වගේම දැන් අපි සල් කියලා හඳුන්වන ගහක් දැකලා තියන ඕනෑම අයෙක් දන්නා දන්න දෙයක් තමයි මේ ගහේ කඳ මත විතරයි මල් පිපෙන්නේ කියලා. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට ගස හැම තැනම මල් තිබුණයි කියන කතාවට අපි සල් කියලා හඳුන්වන ගහ ගැලපෙන්නෙ නැහැ කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය ගැන ආපහු මතක් කර ගත්තොත් කඳක් මල් පිපෙන ශාකයක අත්තක් අල්ලා ගන්න හේතුවක් තියෙනවාද කියන එක ඔබම කල්පනා කරලා බලන්න.
ඊළඟ කාරණාව තමයි වඩාත් වැදගත් ම කාරණවා. ඒ තමයි දෙවියන් විසින් පූජාවක් විදිහට සල් ගස් වල බුදුරජාණන් වහන්සේගේ සිරුර මතට වැටෙන්න සැලසුවා කියන එක. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් අපි දැන් සල් යනුවෙන් භාවිතා කරන සල් මල් වල යම් බරකින් යුක්තයි. ඒ වගේම සල්මල් හැදෙද්දි සල් ගෙඩිත් හැදෙනවා. ඒ ගෙඩිත් ඉතාමත් බරින් යුක්තයි. ඉතින් ඔබට නිකම්වත් හිතන්න පුළුවන්ද පිරිනිවන් මංචකයේ වැඩ වෙසෙන බුදුරජාණනවහන්සේට පූජාවක් විදිහට මේ මල් උන්වහන්සේගේ සිරුරට දෙවියන් පතිත කලා කියලා. ඒ වගේම හිතන්න පුළුවන් දේ තමයි ත්‍රිපිටකයේ සඳහන් වන සල් ගස්වල අතු සෙලවූවම මල් රැසක් වැස්සක් ආකාරයට බිමට පතිත වෙනවා කියන දේ. ඒ නිසා වෙන්න ඇති මහමායා දේවියට ලුම්බිණි සල් උයනට පිවිසුණු අවස්ථාවේදී සල් අත්තක් අල්ලන්න හිතෙන්නෙ ඇත්තේ.
දැන් ඔබට සීයට සීයක් පැහැදිලි ඇති මේ අපි භාවිත කරන සල් ගස් වර්ගය ත්‍රිපිටකයේ සඳහන් වන සල් ගස් වර්ගය නෙමෙයි කියන එක.
අද අපි සල් ගස යනුවෙන් හදුන්වන සල් ගසේ නම කැනන් බෝල් ශාකය. මෙම ශාකය ලංකාවට සහ ඉන්දියාවට හඳුන්වා දෙනු ලබන්නේ වර්ෂ 1881 දී විතර. සමහර වාර්තා වලට අනුව ඉන්දියාවටත් කලින් තමයි ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන් විසින් මේ ශාකය මේ ශාකයම හඳුන්වා දෙන්නේ. ලංකාව තුළ මේ කැනන් බෝල් ශාකය සඳහා සල් කියන නම යෙදුණේ නැහැ කියන්න ප්‍රබල සාක්කියක් අපිට පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් හමු වෙනවා.
ඇත්ත සල් වර්ගය සඳහා උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ෂෝරියා රොබුස්ටා ය. මේ සල් ගසේ මල් හට ගන්නේ අප්‍රේල් මාසේ විතරයි. මේ නිසා වෙසක් මාසයේ මල් පිපෙනවා කියන්නේ අවාරයට මල් පිපීමක්. මේ ස්වභාවය ත්‍රිපිටකයත් සඳහන් වන සල් ගසේ ස්වභාවය එක්ක ගැලපෙනවා. තේක්ක ගසක සමානකමක් දක්වන මේ සල් ගසේ අතු බෙදෙන කඳක් දකින්න පුළුවන් ඒ වගේම මේ ගසේ පත්‍ර කැනන් බෝල් ශාක පත්‍ර වලට සාපේක්ෂව ඒ තරම් දිගටි හැඩයක් නොගන්නා අතර තරම ලා පැහැයක් ගන්නවා තරමක් සුදු පැහැයෙන් යුක්ත වන මල්, පත්‍රවල ඇතුළට නැමී පවතිනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේ මල් හටගන්නේ අතු අග.මෙනිසා ශ්‍රී සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය අවස්ථාවට සහ බුද්ධ පරිනිර්වාණයට සම්බන්ධ සල් වර්ගය මේ ශාක වර්ගය කියලා අපිට නිගමනය කරන්න පුළුවන්.
ඔබ ඔබේ නුවනින් කල්පනා කර බලන්න මෙම ගස් අතරින් බුදුන් සමයේ පැවති ඇත්ත සල් ගස කුමක්ද අපි අදටත් සල් ගස යැයි සිතා සිටින ගස මද ඇත්ත සල් ගස කියා .
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |