"ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගලවපු නිසා. - පොල්දූව පාලම ද කැඩි යාමේ අවදානමක් තිබුණා. "

Water Cut
By Wayomi Apr 29, 2023 11:56 AM GMT
Report

ඊයේ (28) දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වී තිබෙනවා.

ඒ, අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලය පොල්දූව පාලම යට දී ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන්.

පොල්දූව පාලම යට පිහිටි ජල නල සම්බන්ධ කරන ඇණ විශාල ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාම මත මෙම කාන්දුව සිදුව තිබුණ බවයි වාර්තා වන්නේ.

එම ජල නල එකිනෙක සම්බන්ධ කර ඇති විශාල ඇණ 48කින් 33ක් මෙසේ ගලවාගෙන ගොස් තිබූ බවයි ජලසම්පාදන මණ්ඩලය නිලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඇණ පමණක් ගැලවීම මත මෙම විශාල ජල නලය කැඩී බිමට වැටීමට ඉඩ තිබූ බවත් එසේ වූයේ නම් පොල්දූව පාලම ද කැඩි යාමේ අවදානමකට ලක්වනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ජලය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති අතර ජලනලයට හානි කිරිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW