අම්බුළුවාව රක්ෂිතයෙන් මතු වූ නිරුවත් කාන්තාව.

Sri Lanka Police Sri Lanka
By Wayomi May 03, 2023 03:40 AM GMT
Report

ගම්පොල, අම්බුළුවාව රක්ෂිතයේ නිරුවතින් කෑකෝ ගසමින් සිටියේ යැයි කියන කාන්තාවක් ගම්පොල මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (02) සොයා ගැනුණා.

එම කාන්තාව දින තුනක කාලයක් තිස්සේ සිට රක්ෂිත වනාන්තරය තුළින් කාන්තාවක් වරින් වර කෑකෝ ගසන හඬ ප්‍රදේශවාසීන්ට ඇසී තිබුණා.

පසුව පිරිසක් කැළෑව තුලට ගොස් පරික්ෂා කර ඇති අතර ඇඟේ නූල් පොටක් වත් නොමැති සිටින කාන්තාවක් දැක පසුව පොලිසිය දැනුවත් කර ඇත.

ගම්පොල මූලස්ථාන පොලීසියේ කාන්තා නිලධාරිනියන් කණ්ඩායමක් පැමිණ මෙම කාන්තාව ඔවුන්ගේ භාරයට ගෙන පසුව ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW