ආයුර්වේද වෛද්‍යවරියගේ අභිරහස් ඝාතනය.

Sri Lanka Police Sri Lanka
By Wayomi Apr 27, 2023 12:25 PM GMT
Report

කළුතර උතුර කැලිඩෝ පාර ප්‍රදේශයේදී 60 හැවිරිදි දෙදරු මවක් වන ආයුර්වේද වෛද්‍යවරියක් ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

වෛද්‍යවරිය අද අලුයම නිවස පිටුපස කැපුම් තුවාල සහිතව වැටී සිටියදී ඇගේ දියණිය විසින් දැක රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන මන්නා පිහියද නිවස ආසන්නයේ තිබී සොයාගෙන ඇති අතර එය මියගිය කාන්තාව මුළුතැන්ගෙයි මාළු කැපීම සඳහා භාවිතයට ගත් පිහියක් බවටද අනාවරණ වී ඇත.

කෙසේ වෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධියට අදාළව සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW