ඇල්පිටියේ තරුණියගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට. - පොලීසියෙනුත් නිවේදනයක්. - (VIDEO)
ඇල්පිටිය පොලිස් වසමේ දී සිදුකළ 17 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ,තම දෙමව්පියන් සමඟ තල්ගහවත්ත, කරන්දෙනිය ප්රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇයගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමි පුරුෂයා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවයි.
මරණකාරිය සහ සැකකරු දැනට මාස කිහිපයකට පෙර සිට ඇල්පිටිය ප්රදේශයේ කුලී නිවසක එකට ජීවත්න ඇති බවට විමර්ශනයේදී අනාවරණ වූ අතර දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම තරුණිය නැවත තම මව සිටින නිවසට පැමිණ සිට ඇත.
......................................................................................................................................................................... UPDATE
ගෙල කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය තලාව ප්රදේශයේ තේ වත්තක තිබී ඊයේ (09) සොයා ගෙන තිබුනා.
ඇගේ මස්සිනා විසින් ඇයව පැහැරගෙන ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් විමර්ශන ක්රියාත්මක අතර එලෙස ඝාතනය කර තිබුණේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නමැති තරුණියක්.
ඇගේ සහෝදරිය ඇල්පිටිය මන්නකන්ද ප්රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇගේ දරු දෙදෙනා බලාගැනීම සඳහා මාස එකහමාරකට පෙර හංසිකා ඒ නිවස වෙත ගොස් තිබුනා.
ඒ අතරතුර සහෝදරියගේ සැමියා සමඟ ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ බව සඳහන් වන අතර හංසිකාගේ පියා පවසන්නේ, පසුගිය පෙබරවාරි 23 වැනිදා නිවසට පැමිණි සිය බෑනා සිය බාල දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.
පසුව යළිත් වතාවක් හංසිකාගේ නිවසට පැමිණි මස්සිනා ඇය පසුගිය දිනක යළිත් රැගෙන ගොස් ඇති අතර ඒ අතරවාරයේ හංසිකා දුරකථන ඇමතුමක් ලබාදී මවට පවසා ඇත්තේ බලහත්කාරයෙන් රඳවා තබා සිටින තමාව බේරාගන්නා ලෙසයි.
හංසිකාගේ පියා - "ආපසු ඇවිත් එයාව අරන් ගිහින්. හැමතැනම හෙව්වා හම්බවුණේ නැහැ. 5 වැනිදා එයාම කිව්වාම තමයි අපි දන්නේ."
ප්රශ්නය - එතකොට හිරකරගෙන වගේද ඉඳලා තියෙන්නේ?
හංසිකාගේ පියා - "කොහෙවත් යන්න දීලා නැහැ. කේක් කඩේක වැඩකරලා තියෙනවා. ඒ අතර තමයි කෝල්කරලා තිබුණේ. අම්මා ගිහින් 5 වැනිදා රෑ අරන් ආවා. 6 වැනිදා පොලිසියට පැමිණිලි කළා"
පෙරේදා උදෑසන පැමිණිල්ල විභාග කිරීමට පොලිසියෙන් කළ දැනුම්දීමට අනුව හංසිකා මව සහ සහෝදරියක් සමඟ ත්රි රෝද රථයකින් ඇල්පිටිය පොලීසිය වෙත යමින් සිට ඇති අතර එහිදී තවත් දෙදෙනෙකු සමග පැමිණි මස්සිනා ඇයව ත්රිරෝද රථයෙන් බලහත්කාරයෙන් බස්සවාගෙන තවත් ත්රිරෝද රථයකින් රැගෙන ගොස් තිබෙනවා.
එම සිද්ධිය පිළිබඳව හංසිකාගේ මව්පියන් ඇල්පිටිය පොලීසියට යළි පැමිණිලි කර තිබූ අතර පැමිණිල්ල විභාග කිරීමටත් පෙර කරන්දෙණිය තල්ගහවත්ත ගඟපාර ප්රදේශයේ තේ වත්තකදී ඊයේ උදෑසන ඇගේ සිරුර සොයා ගැනුනා.
මූලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් ගෙල කපා වෙනත් ස්ථානයකදී ඇයව ඝාතනය කර ඇගේ නිසල සිරුර තේ වත්තට ගෙනැවිත් දමා ඇති බවයි..