දරුවන් දෙදෙනා පාළම මත තබා, දෙදරු මව ගඟට පැන්න හේතුව හෙළිවෙයි..
සිය දරුවන් දෙදෙනා පාළම මත තබා බෙන්තර ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ මව සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ. එම අවස්ථාවේදී, සිය මාස 18 ක් වයසැති දියණිය සහ නව හැවිරිදි පුතා පාළම මත තබා ඇය බෙන්තර ගඟට පැන තිබුණාය.
බලංගොඩ ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව ඇල්පිටිය ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පැවැත ඇතැයිද වාර්තා වනවා. ඊයේ (26) පස්වරුවේ සිය දරු දෙදෙනා රැගෙනවිත් බෙන්තර පාළම මත තබා පාළමෙන් ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40 ක් පමණ උසක සිට ඇය ජලයට පැන ඇතැයිද පොලීසිය කීය.
ජලාශයේ ගසාගෙන යමින් සිටි කාන්තාව, ඒ අසල රැඳී සිටී ජල ක්‍රීඩාකරන තරුණයෙකු විසින් බේරාගෙන තිබුණි. බලපිටිය රෝහලට ඇතුළු කළ එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට නියමිතව තිබුණි.
එමෙන්මඇයගේ දරුවන් දෙදෙනා අලුත්ගම පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යංශයේ නිලධාරීන් භාරයේ සිටින අතර ඔවුන් දෙදෙනා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කිරීමට නියමිතය.
පාළමෙන් පැනීමට හේතුව ලෙස මේ වනවිට අනාවරණය වී ඇත්තේ කාන්තාව දරුවන් දෙදෙනා සමඟ සැමියා පදිංචි ඇල්පිටිය ප්‍රදේශයට යන අතරතුර සැමියා නැවත නිවසට නොපැමිණෙන ලෙස එම කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී තිබීම බව පැවසෙයි.
අනතුරුව එම කාන්තාව බෙන්තර පාළමෙන් පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |