සංචාරකයාට සෙරෙප්පුවෙන් ගැසූ පුද්ගලයාට සිදුවූ දේ..(VIDEO)

Sri Lanka Police Sri Lanka Tourism
By Sewvandhi Feb 23, 2023 09:21 AM GMT
Report

පොලීසිය විසින්, බණ්ඩාරවෙල සිට ඇල්ල දක්වා දුම්රියක ගමන්කළ සංචාරක විදේශීය කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධියේ වීඩියෝවක් ඊයේ (22) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි. 

  එම සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන සැකකරුව අද පෙරවරුවේ බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු විවාහකයෙකි. 

 එම පුද්ගලයා මේ වනවිට බණ්ඩාරවෙල පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ තාවකාලිකව පදිංචිව සිටින බව අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය. සැකකරු අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now