වැටුප් වැඩිවීම් සහ ප්‍රසාද දීමනා අහිමි කරන විදුලිබල ඇමතිගේ අලුත්ම තීරණය මෙන්න.

Ceylon Petroleum Corporation Ceylon Electricity Board Kanchana Wijesekera
By Wayomi Mar 11, 2023 07:54 AM GMT
Report

විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (10) ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු කියා සිටියේ, එම ගිවිසුම් අවලංගු කිරීම වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස තමන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි.

අදාල සාමූහික ගිවිසුම් අනුව එම ආයතන දෙකේ සේවකයන් වෙනුවෙන් වසර තුනකට සැරයක් වැටුප් වැඩිවිමක්, වාර්ෂික ප්‍රසාද දීමනා, වෙනත් දීමනා හා තවත් ප්‍රතිලාභ ගණනාවක් ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්