බිරිඳ පැහැරගත් 21ක් හැවිරිදි සැමියාට සිදුවූ දේ..
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අද (22) හලාවත, මුනුවන්ගම ප්‍රදේශයෙදී සිය බිරිඳ පැහැරගත් සැමියා හලාවත පොලීසියට භාරවී තිබේ. ඒ, පසුගිය 19 වනදා ඔහු විසින් පැහැරගත් 18 හැවිරිදි විවාහක තරුණ බිරිඳ ද සමගයි.
ඒ අනුව පැහැරගත් කාන්තාවගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි සැකකරුව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ කාන්තාවගේ මව්පියන් විසින් නිවසේ සිටි තම දියණියව පැහැරගෙන ගිය බවට හලාවත පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව හලාවත මුලස්ථාන පොලීසියේ කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිස් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් තිබුණ ද සැකකාර සැමියා හා පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව සොයා ගැනීමට නොහැකිවීම නිසා සැකකරුගේ ඥාතියකු පොලිස් භාරයට ගෙන තිබුණි. ඉන්පසු සැකකාර තරුණයා අදාළ කාන්තාව ද සමග පොලීසියට පැමිණ තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |