තම තරුණ බිරිඳගේ ගෙලට කතුරෙන් පහර දුන් සැමියා

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder
By Sewvandhi Mar 16, 2024 08:14 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වත්තල නගරයේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයක සේවය කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ.

පොලීසිය පවසන්නේ, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මේ වනවිට ප්‍රතිකාර ගනිමින් සිටින බවයි.මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ 24 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මෙම කාන්තාව සේවය කරමින් සිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත පැමිණ ඊයේ (15) උදෑසන ඇති ඇයගේ සැමියා ඇයත් සමඟ අරවුලක් ඇති කරගෙන තිබේ.

 පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, පසුව එය දුරදිගයාමත් සමගම එම ස්ථානයේම තිබු කතුරකින් සැකකාර සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බවයි.

පසුව සැකකරු වත්තල පොලීසිය වෙත ඉදිරිපත්වී ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.