කොළඹ වරායේ සිටි දැවැන්ත කිඹුලා.. (VIDEO)

Colombo
By krishani Apr 22, 2023 07:35 AM GMT
Report

අද (22) උදෑසන, කොළඹ වරාය ආශ්‍රිත මුහුදේ රැඳී සිටි කිඹුලෙකු වරාය අධිකාරියේ සේවකයින් විසින් අල්ලා ගනු ලැබිණ.

ඒ වරාය අධිකාරියේ බණ්ඩාරනායක පාලම සහ හර්තාල් පාලම අසළ මුහුදේ සිටිය දී ය.

කෙසේවෙතත්, වරාය අධිකාරියේ කම්කරුවන් විසින් යොදා තිබූ දැළකට මෙම කිඹුලා හසු වී ඇති අතර වරාය අධිකාරියේ සේවකයින් විසින් කිඹුලා දැළත් සමඟ ගොඩට ගෙන ඇත.

මේ සදහා නාවික හමුදා සහය ඇතිව අඩි 12 ක දිගින් යුත් මෙම කිඹුලා අද වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

විඩියෝ දර්ශන - Hiru News