භූමිදානය කළ මළ සිරුරේ හිස කපා රැගෙන ගිහින්..!

Matara Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 31, 2022 07:58 AM GMT
Report

භූමිදානය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක හිස කොටසක් තලකිරියාගම, තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ දී ගොඩගෙන කපාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ , කිසියම් පිරිසක් විසින් දේහය වළ දමා තිබූ ස්ථානය හාරා සිරුරේ හිස කොටස මෙලෙස කපාගෙන ගොස් ඇති බවයි.

අගෝස්තු මාසයේ 08 වනදා භූමදානය කළ 80 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක හිස කොටස මෙලෙස කපාගෙන ගොස් ඇති බව ගලේවෙල පොලිසිය සඳහන් කරනවා.

තෙන්නකෝන්පුර පොදු සුසාන භූමිය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු දේහය වළෙන් ගොඩගෙන තිබෙන අයුරු දැක ඒ පිළිබදව මියගොස් භූමදානය කර සිටි කාන්තාවගේ පවුලේ සමජිනයින් වෙත දන්වා තිබෙනවා.

පසුව පවුලේ සාමාජිකයින් පැමිණ ඒ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කෙසේ වෙතත් මළ සිරුරේ හිස කොටස කපාගෙන රැගෙන ගිය අය පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය සැකපළ කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකිරීමේ දී යොදාගැනීමට එය රැගෙන යන්නට ඇති බවටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now