ලොව සතුටින්ම ඉන්න මිනිස්සු මෙන්න..

Finland
By Sewvandhi Mar 20, 2023 08:37 AM GMT
Report

 ලොව වඩාත්ම සතුටින් ඇති මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය පත්ව තිබේ.

ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් හිමිව තිබුණි.

ලැයිස්තුවේ ඊළඟ ස්ථානවලට පිළිවෙළින් පත්ව ඇත්තේ ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තය යන රටවල්ය.

සතුටු දර්ශක වාර්තාව සකස් කර ඇත්තේ සමාජ සහාය, ආදායම, සෞඛ්‍ය, නිදහස, වාර්ගිකත්වය සහ දූෂණ මර්දනය යන කරුණු පදනම් කරගනිමිනි.

ෆින්ලන්තය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණියේ අඛණ්ඩ 6වැනි වරටය.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now