15 හැවිරිදි දැරියක් පැහැර ගත් මාමා සහ පුතා අත්අඩංගුවට..! ප්‍රශ්න කිරීම්වලදී දැරිය හෙළි කල දේ..?

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 30, 2022 01:06 PM GMT
Report

පොලීසිය සැකපිට තරුණයෙකු සහ ඔහුගේ මාමා කෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ,15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ආගම වෙනස් කර විවාහ කරගැනීමට සුදානම් වීම හේතුවෙනුයි.

මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයා විසින් මෙම විවාහය සඳහා උපදෙස් ලබාදී ඇති අතර ඔහු විසින් දැරියව සඟවා තබා ගැනීමට නවාතැන් ද ලබාදී තිබේ.

බඑම දැරිය ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු එලෙස ඇයව පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදී තිබුණේ නිකවටවන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසිනි. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර තිබුණි.

සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පාසල් සිසුවිය මීට මාස 02කට පමණ ඉහතදී දඹුල්ල රෝහලේදී සිය මිත්තණියගේ සාත්තුව සඳහා රැඳී සිටියදී මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බවය.

විවාහ උත්සවයට පෙර දැරියගේ ආගම වෙනස් කිරීමේ ප්‍රීතිය සැමරීමට දැරියගේ මව, පියා සහ තවත් කිහිප දෙනෙකු මෙන්ම තරුණයාගේ ඥාතීන් පිරිසක් එක්වී නිකවටවන ප්‍රදේශයේ නිවසක සාදයක් ද පවත්වා තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තමා අදාළ තරුණයා සමග එම නිවසේ තනිවූ බවය. තවදුරටත් මෙම දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, 15 හැවිරිදි දැරිය මීට පෙර ගලේවෙල ප්‍රදේශයේ තරුණයෙකු අතින් අතවරයට ලක්වී ඇති බවය.

අදාළ සැකකරුට විරුද්ධව ගලේවෙල පොලීසියේ පැමිණිල්ලක් සහ දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවතින බවත් අනාවරණය වී ඇත.

මව්පියන්ගේ දැනුවත්කම මත මෙම විවාහය සිදුවීමට ගිය බවද ඇය පවසා තිබේ. දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ. ඇල්ලේපොළ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූකා ගයන්ති මහත්මිය ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now