යළි සැත්කම් ආරම්භ වූ අක්ෂි රෝහල..

Keheliya Rambukwella Sri Lanka
By krishani Apr 23, 2023 05:17 AM GMT
Report

හෙට (24) සිට යළි ජාතික අක්ෂි රෝහලේ සැත්කම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

පසුගියදා අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කෙරිණී.

මේ අතර සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතයෙන් ඉවත් කොට තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

කෙසේවෙතත්, තාවකාලිකව නතර කෙරුණු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join