මානවයාගේ පරම ආයුෂ අවුරුදු 45 වන බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක්...
බෝනොවන රෝගවලට ගොදුරුවීම නිසා වසර 2045 වනවිට නැවතත් මිනිසුන්ගේ සමස්ත ආයු කාලය වයස අවුරුදු 45 දක්වා අඩු වන බවට අවදානමක් ඇති බව මහනුවර මහා රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුනිල් බෝවත්තගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථන පදනම් කරගෙන මෙය ප්‍රකාශ කරන බවද ඒ මහතා කියා සිටියා.
‘ප්‍රධාන පුවත් පතකට' අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, 1918 වසරවල සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තිබුණු ප්‍රධාන අභියෝගය බෝවන රෝගය. එනම් කොළරාව, වසූරිය, පාචනය, මැලේරියාව වැනි රෝගවලින් ලෝක ජනගහනයෙන් 1/3ක් හෙවත් මිලියන 50ක් පමණ මිය ගියහ.
එසේ මියගිය අයගේ ආයු කාලය ද වයස අවුරුදු 45ක් වුණා. නමුත් සෞඛ්‍ය සේවාවේ නවීන විද්‍යාත්මක දියුණුවත් සෞඛ්‍ය පහසුකම් මට්ටම් ඉහළ යෑමත් නිසාම බෝවන රෝගවලින් මිය යෑම පාලනය කර යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකි වීම ගැන සතුටු විය හැකිය.
නමුත් අද වනවිට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බරපතළ අර්බුදයක් වී ඇත්තේ බෝනොවන රෝගවලට ගොදුරු වන පිරිස ඉහළ යෑමත් ඔවුන් මිය යෑමත්.
ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද සමීක්‍ෂණවලට අනුව බෝනොවන රෝග සඳහා නිසි නිරෝධායන ක්‍රම අනුගමනය කිරීමෙන් රෝගී තත්ත්වයන්ගෙන් 2/3ක් එනම් සියයට 65ක් වළක්වාගත හැකියි.
එමනිසා අප කළ යුත්තේ බෝනොවන රෝග මොනවාද ඒවා පාලනය කරගන්නේ කෙසේද යන්න පාසල් දරුවන්, වැඩිහිටියන් දැනුවත් කිරීමයි.
රජයටත් ජනමාධ්‍යටත් ඒ ගැන වගකීමක් තිබෙනවා.
දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් තත්ත්වය, ස්ථුලභාවය (තරබාරුබව), පිළිකාමය තත්ත්වයන් තමන්ගේ ඇඟෙහි ප්‍රතිදේහ සෑදෙන වසංගත රෝග තත්ත්වයන් ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග ලෙස තිබෙනවා.
මේ රෝග සඳහා බියවිය යුතු නැහැ. අද වෛද්‍ය විද්‍යාව ලබා ඇති දියුණුව නිසා ම නිසි ප්‍රතිකර්ම තියෙනවා.
ඉහත රෝගවලට හේතුකාරක වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන ඇති පහත සඳහන් සාධක බෝ නොවන රෝග ඉතා අඩු වයසින් පැතිර යෑමට හේතුවී තිබෙනවා.
එනම්, වැරදි ආහාර පුරුදු, ව්‍යායාම මද බව, ස්ථුල බව (තරබාරු බව), දුම් පානය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් භාවය, ජානමය තත්ත්වයන් ආදිය යැයි විශේෂඥ වෛද්‍යවරයා පවසීය.
උපුටා ගැනීම අවසන්:
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |